Colombo Today Local News

විරෝධතා නොසැළකේ.. ඉන්දීය ගිලන් රථ සේවාව ඇරඹීමට සියල්ල සූදානම්

india ambulance 22

ඉන්දියානු ආධාර යටතේ ආරම්භ කිරීමට සූදානම් වූ ගිලන් රථ සේවාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් සෞඛ්‍ය සේවා අංශවලින් එල්ල වී ඇති පසුබිමක් හමුවේ මේ වනවිට එම ගිලන් රථ සේවාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා අදහස් දක්වා තිබේ.

ඊයේ (19) මහනුවරදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ අදාළ ගිලන් රථ සේවාව ආරම්භ කිරීම වෙනුවෙන් මුල් අදියරේදී ඉන්දියානු රජයෙන් ඩොලර් මිලියන 7.5ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙන බවය. එසේම ගිලන් රථ සේවාව ආරම්භ කිරීම වෙනුවෙන් අවශ්‍ය හෙද පරිපූරක වෛද්‍ය හා රියැදුරන් ඇතුළු හයසීයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවෙන්ම බඳවා ගැනීමට කටයුතු කරන බවය.

මෙම ගිලන් රථ සේවාව මෙහෙයවන ප්‍රධාන කාර්යාලය සම්පූර්ණයෙන්ම පරිගණක මගින් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා පමණක් ඉන්දීය ජාතිකයින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම ගිලන්රථ සේවාව වසරක පමණ කාලයක් නොමිලේ ශ්‍රී ලාංකිකයන්ට සේවය ලබා දෙන අතර ඉන්පසු සේවාව ලබාදෙන ආකාරය පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නැත. මෙයට විරෝධය පළකරන සෞඛ්‍ය වෘත්තිකයන් ප්‍රකාශ කරන්නේ වසරකින් පසු මෙම ගිලන්රථ සේවාවේ සම්පූර්ණ බර රජයට දැරීමට සිදුවනු ඇති බවයි.

ඉන්දීය සෞඛ්‍ය සේවය ලංකාවට සාපේක්ෂව ඉතාමත් පහළ මට්ටමක පවතිද්දී මෙතරම් මුදලක් වැය කර ඉන්දියාව විසින් ලංකාවට ගිලන් රථ සේවාවක් ලබා දීම පිළිබදව බරපතල සැක මතුවන බවද මේ පිටුපස ඉන්දීය රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් සිදුවිය හැකි බවද රජයේ වෛද්‍යවරුන්ගේ සංමය ඇතුළු වෘත්තීය සංවිධාන ප්‍රකාශ කර තිබුණා.

 

Related posts

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම්… ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

2020 ජනාධිපතිවරණයට හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වන්නැයි කුමාර සංගක්කාරට යෝජනවක්…

colombotoday

ගිය ආණ්ඩුව සීමා ලකුණු කරේ නයි ඇරිය වගේ.. පුංචි ඡන්දේ ප්‍රමාදයට හේතුව ඒකයි

colombotoday

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන්

colombotoday

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

colombotoday