Colombo Today Local News

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

එළැඹෙන 14 දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවන බවත් 14 දා පාර්ලිමේන්තුවරැස්වීනේ පසුව එදිනද පාර්ලිමේන්තුව කල් දමන බව සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. 14 පාර්ලිමේන්තුවේදී සිදුවන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණක් බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි තීරණ ගන්නා බවත් 14 දායින් පසුව සති දෙකක් ඇතුළත මෙම දේශපාලන අර්බුදය අවසන් වනු ඇති බවත් ඔහු පැවැසීය.

එසේම මේ වන විට විදේශගතව සිටින මන්ත්‍රීවරුන් දිවයිනට පැමිණෙමින් සිටින බවත් ඉරියේදී ලසන්ත අලගියවන්න මහතාට හා වීරකුමාර දිසානායක මහතාට අමාත්‍යධුර ලබාදෙන බවත් ඔහු පැවැසීය.

එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පත්කිරීමට ජනපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

VAT වැඩිකර ජනතාවගේ ලේ බී අගමැති සහ ඇමතිවරු උදර පෝෂණය කරගනිමින් ඉන්නවා

colombotoday

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

colombotoday

ඇළ මාර්ගයක නාදුනන කතගේ අභිරහස් මළ සිරුරක්

colombotoday

මෙරටට ඉන්දියාවෙන් නව මහකොමසාරිස්වරයෙක්

Admin

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday

කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි, වැඩ නෑ.. රට කාලා – රවීගෙන් සැර කතාවක්

colombotoday