Colombo Today Local News

පොලිසිය අනුගමනය කරන්නේ ජනපතිගේ නියෝග පමණයි… එජාප මන්ත්‍රීලාට ඇමති ආරක්ෂාවක් දෙන්න බෑ – පොලිස්පති

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා කියා සිටියේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරන බව ය.

ඒ අනුව ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව ද පොලිස්පතිවරයා පැවසීය.

Related posts

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday

Photos : ශ්‍රීලංකා නිදහස් දිනය දා කොටි ත්‍රස්තවාදීන් නොර්වේ පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday