Colombo Today Local News

ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ඉවතට

aaa

බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඊයේ (01 වැනිදා) ඉවත් කර ඇත.

ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා විසින් මේ පිළිබඳව ජනාධිපති කොමිසම වෙත ඊයේ දැනුම් දී තිබේ. ජනාධිපති කොමිසමේ නව ලේකම්වරයා ලෙස අතුරුදන් වූවන්ගේ කොමිසමේ හිටපු ලේකම්වරයා පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

මේ සම්බන්ධයෙන් ලැසිල් ද සිල්වා මහතා කියා සිටියේ මෙම ඉවත් කිරීම අසා තමන් පුදුමයට පත්වූ බවයි.

ජනාධිපති කොමිසම මගින් සිදුකළ විමර්ශන කටයුතු තමන් ඉතාම සාධාරණව අපක්‍ෂපාතීව විනිවිදභාවයකින් සිදුකළ බවත් ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු ත්‍යාගය මෙය බවත් ලැසිල් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සාධාරණව වැඩ කරන අයට ලැබෙන ප්‍රතිඵලය මෙය නම් එය ඉතාම සතුටින් භාරගන්නා බව ද ලැසිල් ද සිල්වා මහතා කීය.

පසුගිය රජයේ සිදු වූ මහා පරිමාණ වංචා දූෂණ රැසක්‌ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ජනාධිපති කොමිසම මගින් පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක කෙරිණි.

Related posts

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

(VIDEO) ජනපතිට අගමැතිට ඇරෙනවනම් ඇස්කන් ඇරෙන්න බෝගස්වැවේ හාමුදුරුවෝ කියපු කතාව

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා

Admin