Colombo Today Local News

එනසාල් කිලෝව රු. 13000 යි

එනසාල් කිලෝවක මිල රුපියල් දහතුන් දහසක් දක්වා ඉහළ ගොස් ඇත. නකල්ස් කලාපයේ අඩි 3000ට ඉහළ ප්‍රදේශයේ එනසාල් වගාව තහනම් කිරීමත් සමග ලංකාවේ එනසල් හිඟයක් ඇතිවීම හේතුවෙන් මෙලෙස එනසල් මිල ඉහළ යන බව අනාවරණය වේ.

මීට මාස කීපයකට පෙරදී එනසල් කිලෝවක් අලෙවි කෙරුනේ රුපියල් දොළොස් දහසකටය. වියළි එනසාල් කිලෝවක් සකස් කිරීම සඳහා අමු එනසාල් කිලෝහයක් පමණ අවශ්‍ය වේ.

ඉකුත් වසරේදී (2020) එනසාල් මෙට්‍රික් ටොන් එකකට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති අතර, ඉන් උපයා තිබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17 කි.

මෙරට වාර්ෂිකව එනසාල් මෙට්‍රික් ටොන් 32 ක් පාරිභෝජනය කෙරෙන බව අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද පවසයි.

එනසල් වගාව ප්‍රචලිත කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් පොකුරු ගම්මාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

Related posts

යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් !

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday

දෙමළ-මුස්ලිම් ගැටුමකට ප්‍රංශයෙන් මුදල් – නාමල් කුමාරගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…

colombotoday

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ – ඇමති මහින්ද අමරවීර කියයි

colombotoday

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

colombotoday