Colombo Today Local News

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

oshadi hm 5252

ජනාධිපතිවරයාගේ තීන්දුව පිළි නොගන්නා මුදල් ඇමතිවරයෙක් ඉන්නා රටක් බවට මේ රට පත්ව ඇති බවත්, ජනතාව බලාපොරොත්තු වූ සෑබෑ වෙනසක් තිබෙනවාද යන්න ගැටළුවක් බවත් රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම ඊයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා නියෝජිතයන්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය.

‘මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කාලේ කලාකරුවන්ට පොලී රහිත වාහන ණයක් දුන්නා.

ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් ඒකත් නැහැ. රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම අනුමත කරන්න බැහැ.

ජනමාධ්‍යවේදීන් කරන බලපෑම් අනුමත කරන්නත් බැහැ. සියලු දෙනා මරණයෙන් මුදවපු මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට පවා අද පහර දෙනවා.‘

මේ සියලු දේවල්වලට විරුද්ධව මාර්තු 8ට යෙදෙන ලෝක කාන්තා දිනයේදී නවගමුව පත්තිනි දේවාල භූමියේදී විශේෂ පූජාවක් පවත්වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය.

කොළොන්නාව හිටපු මන්ත්‍රීනි අශෝකා ලංකාතිලක ඇතුළු ශ්‍රීලනිපයේ කාන්තා පිරිසක් මාධ්‍ය හමුවට එක්වූහ.

Related posts

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

Admin

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

ආසාදිත සිරුරු භූමදානය බැහැ. ආදාහනය පමණයි. | සෞඛ්‍ය ඇමතිනි පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday

තව බඩු ගත්තොත් දෙන කැකුළු කිලෝ දෙක

Admin

“මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ඔහුට දඩුම් කළ යුතුයි“ – සමන් රත්නප්‍රිය

colombotoday