Colombo Today Local News

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall) මහත්මිය පැවසුවාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07)දින පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිකිරිමට සැලසුම් කර ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට අවශ්‍ය උපරීම සහයෝගය ලබාදිමට කටයුතු කරන බව ද ලීසා වැන්ස්ටාල් මහත්මිය ප්‍රකාශ කළාය.

Related posts

ආණ්ඩුකාර නියෝගය නොතකා ශ්‍රීපාදස්ථානයේ නම වෙනස් කිරීමට මේ මැරයන් එව්වේ කවුද?

colombotoday

පහන් දල්වා මල් පුදා යාපනය සරසවියේත් මියගිය කොටින් සමරයි

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

Admin

9 වැනිදා රටටම විදුලිය විසන්ධි වීම ගැන හොයන්න කමිටු දෙකක්

Admin

අයවැය සම්මතකරගන්න TNA මන්ත්‍රීන්ට කෝටි දෙක බැගින් අල්ලස් දුන්නා…

colombotoday