Colombo Today Local News

ඉන්දියාවේ අග්‍රා සිට ලංකාවේ මාතරට අධිවේගී මාර්ගයක්! – ලංකාව ඉන්දියාවට අමුණන සැලසුම නැවතත්

indo - lanka hogh way 12

ඉන්දියාවේ අග්‍රා සිට ශ්‍රී ලංකාවේ මාතර දක්වා ඉන්දියානු ජාතික මාර්ග පද්ධතිය දිගු කිරීමේ සැළසුමක් ඉන්දීය මහා මාර්ග කටයුතු අමාත්‍ය නිතින් ගද්කාරී විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ සමගම ඉන්දු – ලංකා අධිවේගී මාර්ගය පිළිබද කතාබහ නැවතත් කරළියට පැමිණ ඇත.

ඉන්දියාවේ ජාතික මහාමාර්ග පද්ධතියේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 96000 සිට කිලෝමීටර් ලක්ෂ 2 දක්වා දිගු කිරීමේ සැළසුම නිතින් ගද්කාරී විසින් මෙසේ එළිදක්වා ඇති අතර නව මාර්ගය ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි අග්‍රා සිට ආරම්භ වන අතර එය උත්තර් ප්‍රදේශ්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, තෙ‍ලංගානා, ආන්ද්‍රා ප්‍රදේශ් , කර්නාටක, තමිල්නාඩුව යන ප්‍රාන්ත පසු කරමින් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම, කොළඹ හරහා මාතර දක්වා ඉදි කිරීමට යෝජිතය.

මෙම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කි.මි 3024 ක් වන අතර එය ආසියානු අධිවේගී මාර්ග පද්ධතියට එක්වන අතර (A.H – 43) යනුවෙන් එය නම්කර ඇත.

Related posts

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකයෙක් අත්අඩංගුවට….

colombotoday

ජනමතවිචාරණයකට ගියොත් පරාදයි.. නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් රතු එළියක් !

colombotoday

පොලියත් එක්ක ණය ගෙවන්න අගමැති සූදානම්.. ශ්‍රී ලංකාව ඉන්දියාවේ අල්ලේ නැටවෙයි !

colombotoday

සෞදි ආර්ථිකයට සැර පහරක් වදී.. සෞදියේ ශ්‍රි ලාංකිකයන්ටත් බරපතලයි !

colombotoday