ආණ්ඩුව තීරු බදු රහිත මිලට මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහනයට අමතරව තවත් සුපිරි වාහනයක් අල්ලසක් ලෙස ලබාදීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් සිටින බවත්, අල්ලසට මීට වඩා හොඳ නිර්වචනයක් ඇතැයි තමා නොසිතන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.
ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසු මන්ත්‍රීවරයා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් කොමිසමේ නිලධාරීන් පාර්ලිමේන්තුවට එන බව ද කියා සිටියේය.