Colombo Today Local News

නවක වදයට විසදුම් සොයමින් පේරාදෙණිය සරසවියෙන් නායකත්ව පුහුණු පාඨමාලා ඇරඹෙයි…

මේ වන විට සමාජයේ වැඩිමනත් කතා බහට ලක්ව ඇති කණිෂ්ඨ සරසවි සිසුවන් මුහුණ දෙන නවක වදය මහත් වූ ආන්දෝලනාත්මක අදියරකට පත් වී ඇත්තේ පසුගියදා ජයවර්ධනපුර සරසවියේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමත් සමගය.

කෙසේ වෙතත් පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යා පීඨයේ මේ සම්බන්ධයෙන් වෙනත් අන්දමක අඩිතාලමක් යොදමින් සිසුවන්ගේ නායකත්ව සහ පවුර්ෂ වර්දන කදවුරක් පසුගිය සති අන්ත තුනක් පුරාවට සරසවි සිසුන් දහසකට ආසන්න පිරිසකගේ සහබාගිත්වයෙන් පැවති අතර එහිදී ජාති ආගම් නවක වදයට මුහුණ දුන් සහ නොදුන් ඇතුලු සියලු අංශ වල සිසුවන් කණ්ඩායම් වල මුසුකොට සාර්ථක ලෙස එකිනෙකා අතරේ සම්බන්ධතා ගොඩ නැගීමට හැකිවූ බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතියේ නියමුවා ලෙස පේරාදෙණිය සරසවියේ මහාචාර්ය නන්දන විජේසිංහ මහතා කටයුතු කරන ලද අතර පේරාදෙණිය සරසවියේ උප කුලපති උපුල් බී දිසානායක මහතාගේ සම්පූර්ණ සහය හේතුවෙන් අරමුණු සාක්ෂාත් කරගැනීමට හැකි වූ බව ආරංචි මාර්ග පවසයි.

මෙහිදී සිසුවන් පුහුණු කිරීමට සරසවි ඇදුරන් කථිකාචාර්යවරුන් සහ බැංකු,නීති,අද්‍යාපනික,සමාජවිද්‍යාමය,නායකත්ව පුහුණු යන අංශ වල විද්වතුන් බාහිර කථිකාචාර්යවරුන් ලෙස කටයුතු කල බවත් වැඩසටහන සාර්ථකව නිමවූ බවත් පැවසේ…මෙවන් ව්‍යාපෘති තුලින් ප්‍රශ්නගත අනෙකුත් සරසවි වල සිසුවන්ද එක් අරමුණක් යටතට රැගෙන සරසවි අද්‍යාපනයේ ඉහලම ඵල නෙලාගැනීමට හැකි වනු ඇතයි බහුතර මහජනයාගේ මතය බව වාර්තාකරුවන් පැවසීය..

Related posts

“සංහිදියාව ඇතිකරන්න දෙමළ උගන්වනවා.. දෙමළ උගෙනුමෙන් අපට අප සමග කතා කළ හැකියි” – අගමැති

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

කිව්.ආර් කේතය නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

colombotoday

පෙට්‍රල් 20කින් ඩීසල් 7කින් මිල ඉහලට

colombotoday

දෙවනගල පුදබිමේ නාම පුවරුව පොස්ටර් අලවා වනසා දැමූ එජාප සංවිධායකට විරෝධය

colombotoday

“ආදායම් වැඩිකරගෙන.. වියදම් පාලනය කරලා“ අයවැය ගැන හෙළ උරුමයේ මතය කියයි (VIDEO)

colombotoday