Colombo Today Local News

මැතිවරණ කඩිනමින් කරන්නැයි, ඉල්ලා ඉදිරි පත්වූ පෙත්සම් සලකා බැලීමට දින දෙයි

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් කරන්නැයි, ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 2ක සලකා බැලීම සඳහා ලබන ජනවාරි 18 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.

මහාචාර්ය ජී. එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර ලක්ෂ්මන් කිරිඇල්ල, එම් .ඒ. සුමන්තිරන් ඇතුළු සමගි ජන බලවේගය සහ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම පෙත්සම් ගොනු කළේ ය.

එම පෙත්සම අද(16)දින කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ට සහ අගමැතිවරයාට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවිමට පියවර ගන්නා ලෙස ද පෙත්සම්කාර පාර්ශවය ට අධිකරණය නියෝග කර ඇත.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් කාර්තුවේ පැවැත්වීමට නියමිත නමුත් එය කල් දැමීමේ සූදානමක් පවතින බවත් එලෙස කල් දැමීමෙන් රටේ ජනතාවගේ ඡන්දය භාවිත කිරීමේ අයිතීන් උල්ලංඝණය වන බවත් පෙන්වා දෙමින් එම පෙත්සම් ගොනුකර තිබිණ.

Related posts

ඊයේ කරපු දේ, ඉස්සරහට කරන්න යන දේ ගැන නාමල් ෆේස්බුක් ලයිව් ඇවිත් කියපු දේ (Video)

colombotoday

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

කෝප් කමිටු වාර්තාව : උතුරු-මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගන්නත් කලින් කෝටි 185ක මුදලක් ගහින්

colombotoday

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

හමුදා රාජකාරියේ සිටිමින් දේශපාලන වැඩ.. ෆොන්සේකාගේ පට්ටම අනතුරේ

colombotoday

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව නව දෙමළ දේශපාලන පක්ෂයක් එයි

colombotoday