Colombo Today Local News

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කළේය.

ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට උපදෙස් දෙයි.

අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බව මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

උතුරු පළාතෙන් සිංහලයන් පන්නා දැමීමේ අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න!

colombotoday

ජනපති ගැන අනාවැකි කී ජෝතිශවේදියාට “රජතුමාට එරෙහිව අපරාධ කිරීම” චෝදනා යටතේ නඩු !

colombotoday

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin

සිරගත කිරීමට මොහොතකට කලින් මහ ගාලගෝට්ටියක් මැද ඤාණසාර හිමි කියපු දේ

colombotoday