මාසික දීමනාවක් සහ ස්ථීර නිවාස තනා දෙන ලෙස ඉල්ලමින් අරණායක නාය යෑමෙන් අවතැන් වූ ජනතාව ඊයේ (16) විරෝධතාවක නිරතවූවා.
අරණායක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම් යන ඇමතිවරුන්ගෙන් සහන ඉල්ලමින් අවතැන්වූවෝ මෙසේ විරෝධයේ නිරතවිය.
අමාත්‍යවරුන්ගේ වාහන වලට පිටවීමට ඉඩ නොදෙන බව කියමින් කිහිප දෙනෙක් බිම වාඩි වී විරෝධය පළකලහ.