Colombo Today Local News

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‍ඩිෆෙන්ඩර් නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ඩිෆෙන්ඩර් නෞකාව පිළිගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා සඳහන් කළේය. දිවයිනට පැමිණීමෙන් පසු ඩිෆෙන්ඩර් නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් ස්ටෙෆාන් හයිගම් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතර හමුවක් ද සිදුව තිබේ.

එහිදී දෙපාර්ශවය සුහද පිළිසඳරක නිරත වී ඇති අතර තිළිණ හුවමාරුවක් ද සිදුකෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා ප්‍රකාශ කළේය. ද්වීපාර්ශවීය මිත්‍රත්ත්වය සහ සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙරට නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද ඩිෆෙන්ඩර් නෞකාවේ නිලධාරීන් සහභාගී වීමට නියමිතව තිබේ.

ඩිෆෙන්ඩර් නෞකාව එක්සත් රාජධානියේ නිෂ්පාදනය කළ ලොව අති නවීනතම ප්‍රහාරක නෞකාවක් ලෙස සැලකෙන අතර එය මිසයිල නාශක අවි ඇතුළු ප්‍රහාරක අවිවලින් සන්නද්ධ බව සඳහන්ය. නාවික හෙළිකොප්ටරයක් ද සහිත මෙම නෞකාවේ සිට ගොඩබිම් ප්‍රහාර ද දියත් කළ හැකි වීම විශේෂත්වයක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Related posts

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

IMF ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

එජාප ඇමතිවරු දෙන්නෙක් පුද්ගලික ව්‍යාපාර ගොඩදාගන්න රේගුවේ නීති වෙනස් කරලා !

colombotoday

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin