Colombo Today Local News

අගමැතිගෙන් විමල්ට පොරොන්දුවක්

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කර ඒ ගැන සාකච්ජා කිරීමට ආණ්ඩුවේ පක්ෂ එකොළහට වේලාවක් ලබාදීමට තමන් මැදිහත්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාතය විමල් විරවංශට පොරොන්දු වී ඇත.

අරලියගහ මන්දිරයේදී විමල් වීරවංශ ඇමැතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවී යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සිදු කර ඇති සාකච්ජාවේදී මෙම පොරොන්දුව ලබා දී තිබේ.

යුගදනවි බලාගාරය ඇමරිකාවේ නිව් ෆොට්ට්‍රස් සමාගමට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ජාවක් ලබා දෙන ලෙසට ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ එකොළහක් සැත්තැම්බර් 10 දින ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද එහිදී ජනාධිපතිවරයා සැත්තැම්බර් 25 දින දන්වා සිටියේ ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා සමග සාකච්ජාකරන ලෙසටයි.
පසුව පක්ෂ නායක රැස්වීමක්ද පැවැති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් නොවීය.

පසුව ආණ්ඩුවේ කුඩා පක්ෂ එකොළහ එක්ව පසුගිය 5 වෙනිදා කොළඹදී මහජන මන්ත්‍රණ සභාව ලෙස සම්මන්ත්‍රණයක් පැවැත් වූයේ යුගදනවි බලාගාරය කොටස් හා එහි ගෑස් සැපයුම ඇමරිකානු සමාගමට ලබාදීම නිසා සිදුවිය හැකි අනතුර සම්බන්ධයෙනි.

Related posts

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

colombotoday

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

colombotoday

ගාලුමුවදොර යන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන මේ පාරනම් තීරණයක් ගන්නවා !

colombotoday

හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා ලිපියක් යොමු කරනවා – GMOA කියයි

Admin

මේ වසරේදී කෝටි 13ක හෙරොයින් අත්අඩංගුවට – කුඩු ජාවාරම් ඉහලට

colombotoday

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday