Colombo Today Local News

ආධුනික කොස්තාපල්ගේ සිරුර පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙද්දී සොයා ගනී

මෝදර පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුගේ සිරුරක් පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල රාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලිපියක් ලියා තබා ඇතැයිද පොලිසිය කියයි.

මොහු පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව නිම කළ කර ඇත්තේ ඉකුත් මාර්තු මස 15 වැනිදා වන අතර මෝදර පොලිසියට සේවයට පැමිණ ඇත්තේ අගෝස්තු මස 12 වැනි දා බවද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (10)දින මෝදර පොලිසියට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර මරණකරුගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සිදු කිරීම සඳහා අවසර ලබා දුන්නා ය.

මේ වන විට මරණකරුගේ දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කටයුතු කරමින් ඇතැයි ද ඇතැයිද මෝදර පොලිසිය පවසයි.

Related posts

නව රාජ්‍ය ඇමති 2ක්, නියෝජ්‍ය ඇමති 5ක් දිවුරුම් දෙති

colombotoday

දහම් පාසල අනිවාර්යය කළ යුතුයි – නමට බෞද්ධකම වැඩක් නෑ

colombotoday

යකඩ මිල ගණන් 50% කින් පහළට

Admin

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday

ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න. හකීම් කියයි

colombotoday

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

colombotoday