ඩොලර් හිඟවීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගත් බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.