Colombo Today Local News

ඔමික්‍රෝන් ඇතුළුවීම වලක්වන්න රජය සියලූ ක්‍රියාමාර්ග ගෙන අවසන් – නාමල් රාජපක්ෂ

ඔමික්‍රෝන් සැර කොරෝනා වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (29)දින පැවැසීය.

රටවල් හයක් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳ රජය ක්‍රියාමාර්ග ගත්තේ මීට දින තුනකට පෙර සිට යැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ බූස්ටර් එන්නත ලබා දුන්නේ මේ සැර කොරෝනා ප්‍රභේදය ලෝකය දැනගැනීමටත් ප්‍රථම බව පැවසූ රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ රජය ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද පැවසුවේය.

සියලුම ගුවන්තොටුපොළවල්වල සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ සෞඛ්‍යමය තත්වය මේ යටතේ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදාළ අංශ විශේෂ ඇප් එකක් පවා හඳුන්වාදී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

කර්මාන්තශාලාවක යන්ත්‍රයකට හිස සිරවී පුද්ගලයෙක් මරුට

colombotoday

පුංචි පුතුගේ කිරිවලට වස දමා දිවිනසාගත් අම්මා

colombotoday

පවුලේ දේපොළ වත්කම් සාපයක් වී අවිගත් ‘සමයං‘ගේ සෝබර පාපොච්ඡාරණය

colombotoday

බස්නාහිර පාසල් ආරම්භය මසකට කල් යයි

colombotoday

මිහින් ලංකා ගමන නිමයි.. ගුවන් මෙහෙයුම් පුද්ගලීකරණයට නියමිත ශ්‍රී ලංකන් යටතට !

colombotoday

විරෝධතාවයක් උණුසුම්

Admin