Colombo Today Local News

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

කටාන, බටහිර කලුවාරිප්පුව ප්‍රදේශයේ නිවසක නිවැසියන් අතර ඇතිවූ ආරවුලක් විසඳීමට යාමේදී එක් පුද්ගලයෙකු බිම වැටී මිය ගොස් තිබේ.

මරණකරු තම දරුවන් සමග එම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර තම දියණියගේ ස්වාමි පුරුෂයා බීමත්ව පැමිණ වැඩිමහල් දරුවා සමග ඇති කරගත් ආරවුලක් සමථයකට පත් කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් මත මරණකරු ඇද වැටී මියගොස් ඇති බවට සිදුකළ විමර්ශනයේදී ආනවරණය වී ඇත.

මරණකරු වයස අවුරුදු 57ක් වන බටහිර කලුවාරිප්පුව, කටාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත ය.

කටාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Related posts

රුසියාවේ ඉන්ධන ප්‍රතික්ෂේප කල නිසා ජුනි 10 තෙක් ගුවන්යානා වලට ඉන්ධන නෑ

colombotoday

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

Admin

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීමට ගත් අලුත් පියවර

colombotoday

ඉන්ධන අද ලැබුණොත් විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

colombotoday

සිසිල් කොතලාවල කටුනායකදී අත්අඩංගුවට… හදිසියේ ලෙඩ වී රෝහල්ගත කරයි

colombotoday

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin