Colombo Today Local News

ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිරයි – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

ස්රථ ඇතුලු වාහන සඳහා යොදා ගන්නා ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් බස් රථ හිමියන්ගෙන් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙසත් විජයරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

බස් රථ වලට යොදවන ඔටෝ ඩීසල්වල දහනය වීමේ සම්භාවිතාව ඉතා වැඩි බවට බස් රථ හිමියන්ගෙන් පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇතැයිද ඔහු සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම මෝටර් රථ වලට යොදන පෙට්‍රල් වල පවා දහනය වීමේ සම්භාවිතාව වැඩි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසත් ඔහු පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

Related posts

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

Admin

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

Admin

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

නිවාර් චණ්ඩ සුළි කුණාටුවක් විය හැකි බවට අනතුරු ඇඟවීම්

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද? ජනතාව තුළ සැකයක් මතු වෙලා

colombotoday