Colombo Today Local News

IS සහායකයෝ 702ක් ලංකාවේ.. ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශයෙන් තොරතුරු

ඉන්දියාවේ සිට ක්‍රියාත්මකවන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 702නෙකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත ඊයේ (01)දින මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ විසින් අත්අඩංගුවටගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අදාළ පුද්ගලයින් පිළිබඳ කරුණු වාර්තා වී ඇති බව වාර්තාවේ.

මුස්ලිම් අන්තවාදියෙකු වන සහරාන් හෂීම් නැමැත්තා පැවැත්වූ දේශන, හඬපට සහ ඡායාරූප ද අදාළ දුරකථනයේ තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

Related posts

බෝ නොවන රෝගවලින් වසරකට මිය යන ගණන එක්ලක්ෂ තිස්දාහක්…!

colombotoday

“දේශප්‍රේමී ජනතාවනි, IOC වර්ජනය කරමු“ – ඉන්දියානුකරණයට එරෙහිව තෙල් සේවකයෝ..

colombotoday

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

colombotoday

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday