Colombo Today Local News

අයවැය දෙවන කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවන කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (22)දින පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි.

පසුගිය 12දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනට අද (22)දින පැවැත්වේ.
හෙට (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර, එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතව තිබේ.

දෙසැම්බර් 10 වන දින පස්වරු 5.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

Related posts

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

තෙල් ඇති නැති තැන් සොයන්න අලුත් ක්‍රමයක් තෙල් සංස්ථාවෙන්

colombotoday

අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිටයි | මහජන ආරක්ෂක ඇමති කියයි.

colombotoday

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලා

Admin

දියවන්නා ඔයෙන් නාඳුනන මළ සිරුරක්

colombotoday

තමිල්නාඩුවෙන් සහනාධාර රැගත් නැවක් අද හවසට ලංකාවට

colombotoday