Colombo Today Local News

අධි සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව කොළඹට

අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් කොළඹ වරාය වෙත පැමිණ තිබේ.

මෙලෙස කොළඹ වරාය වෙතට පැමිණ ඇත්තේ වයිකිං මාර්ස් (Viking Mars) නමැති නෞකාවයි.

කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට පැමිණි පළමු ශීත සෘතු මගී නෞකාව මෙය වේ.

එම නෞකාව කොළඹ වරාය වෙත පැමිණ ඇත්තේ සංචාරකයින් 900 දෙනෙකු සමඟය.

මෙම නෞකාවෙන් පැමිණි මගීන් අද සහ හෙට දෙදින තුළ කොළඹ, මහනුවර, පින්නවල, ගාල්ල යන නගර වල සංචාරය කිරීමට නියමිත අතර මුතුරාජවෙල සහ මාදු ගඟෙහි බෝට්ටු සවාරිවලට ද එක්වනු ඇත.

Related posts

‘අස්වැසුම’ දෙවැනි අදියරට තහවුරු කළ ප්‍රතිලාභීන්ගේ මුදල් බැංකුවට

Admin

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත්කෙරේ

colombotoday

අම්පිටියේ හිමි බලන්න ජනපති මංගලාරාමයට යයි

colombotoday

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday