Colombo Today Local News

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් ලංකාවට

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් එළඹෙන 25 වනදා මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17)දින විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තිබෙන ප්‍රධානතම ආයතනයක් ඔවුන්ගේ කටයුතු මේ රටේ ආරම්භ කරනවා. මේ මාසයේ 25 වනදා. ඒ තුළින් ශ්‍රී ලාංකිකයින් 2,000කට ක්ෂණිකව රැකියා අවස්ථා උදාවනවා.”

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17)දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

වෛද්‍ය උපකරණ නිෂ්පාදන කිරීම සඳහා මෙරට ඉදිකෙරුණු පළමු කර්මාන්තශාලාව වන Flexicare Lanka ඉදිකර ඇත්තේ රයිගම බණ්ඩාරගම ප්‍රදේශයේය.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යරයාව සිටි සමයේ මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබූ අතර විවෘත කිරීමේ අවස්ථාවට ඔහුට ද ආරාධනා කර තිබුණි.

Flexicare Lanka යනු එක්සත් රාජධානියේ Flexicare සමූහ ව්‍යාපාරයට අයත් පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වැය කර තිබේ.

ශල්‍ය වෛද්‍ය උපකරණ, ශ්වසන ආධාරක ඇතුළු මෙහි නිෂ්පාදනය කෙරෙන වෛද්‍ය උපකරණවලින් 90%ක් අපනයනය කිරීමට නියමිතය.

Related posts

ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

colombotoday

මඩකලපුවේදී මුස්ලිම් දෙදෙනෙක් දෙමළ දැරියන් දෙදෙනෙක් පැහැරගෙන හවුලේ කෙළෙසයි.. නඩු නෑ.. මඩකලපුවේ දැන් එහෙමයි

colombotoday

මැති – ඇමතිවරු ජනතාව වෙනුවෙන් අයවැය අහපු හැටි මෙන්න (PHOTOS)

colombotoday

නව ව්‍යවස්ථාවට ජනමත විචාරණ නෑ.. පාර්ලිමේන්තුවම එකතු වී සම්මත කරගන්නවා – චම්පික

colombotoday

ප්‍රබල ඇමතිගේ දියණිය අල්ලස් අරන් අගමැතිට මාට්ටු !!

colombotoday

Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

colombotoday