Colombo Today Local News

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

රාගම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් වසම තුළ අපරාධ නිවාරණ රාජකාරි යෙදි සිටියදී රාගම දුම්රියපොළ ඉදිරිපිට සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධ සිදු කළ විමර්ශනයේදී මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බව ත් වැලිපැන්න, පයාගල, මිගහතැන්න, බේරුවල, දොඩාංගොඩ සහ මතුගම පොලිස් ස්ථාන මගින් ගොනුකර ඇති මතුගම සහ කළුතර අධිකරණවල විභාග වෙමින් පවතින නඩු 17ක් සඳහා වරෙන්තු නිකුත් වූ සැකකරුවෙකු බවට ත් එම නඩු අතරින් නඩු 5ක් සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව ත් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන ගල්වත්තත, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (17)දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

කටඋත්තරයක් ඕනනම් යාපනේට එනු.. ප්‍රභාකරන්ගේ මස්සිනා CIDයට නියෝග දෙයි !

colombotoday

සිමෙන්ති හිඟයක් ? වැඩි මිලට වික්කොත් වැඩ වරදී

colombotoday

ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට

Admin

ශ්‍රී ලංකා හමුදාව පෝරකයට ගෙනියන්න හැදු ලීනා අධිකරණයේදී වැරදිකාරිය වේ

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Admin