Colombo Today Local News

කඩුවකින් පහර දී අවුරුදු 3ක දරුවෙක් යාබද නිවසේ මාරයා බිලි ගනී

මාතලේ පොලිස් වසමේ රන්බිමගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි එක ම පවුලේ මව, දියණිය සහ පුතුන් දෙදෙනාට අසල නිවසක පදිංචි පුද්ගලයෙකු ඊයේ (14) උදෑසන කාලයේ තියුණු ආයුධයකින් පහර දීමක් සිදු කර තිබේ.

පහර දීම හේතුවෙන් තුවාල ලැබු සිව්දෙනා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ, රන්බිමගම, හුණුකැටවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 1⁄2ක පිරිමි දරුවෙකි.

වයස අවුරුදු 38ක් වූ මව, අවුරුදු 19ක් වන දියණිය සහ අවුරුදු 15ක් වූ අනෙක් පිරිමි දරුවා මේ වන විට මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙම පවුල සහ යාබද නිවසක පවුලක් අතර කලක් තිස්සේ පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකරු අපරාධය සඳහා උපයෝගී කරගත් කඩුව ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණයන් පසු දේහය ඥාතීන් වෙත භාරදී ඇත.

මාතලේ පොලිසිය විමර්ශන සිදු කරයි.

Related posts

දැඩි සුළඟින් විදුලිය බිඳවැටීම් දාහතර දහසක්

Admin

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

ඇමරිකානු තනාපති කාර්යාල නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වෙයි

colombotoday

පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණය ?

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday