Colombo Today Local News

රංජන් රාමනායක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රංජන් රාමනායක සිරකරුගේ දණහිසෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඊයේ (10) සවස ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනුතුරුව ඔහුව කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කරන ලෙස එහි වෛද්‍යවරුන් උදෙස් ලබා දී ඇත.

එසේ හෙයින් මොහු ඊයේ දින සවස වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබේ.

එම වෛද්‍ය උපදෙස් අනුව අද (11) දින කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනය වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වන දින නැවතත් එම සායනයට ඉදිරිපත් කිරීමට වෛද්‍යවරුන් උපදෙස් ලබාදුන් අතර 16 දින දක්වා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට අනුබද්ධ බන්ධනාගාර රෝහලේ ඔහුව රදවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Related posts

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

Admin

අද රන් මිල මෙන්න

Admin

හදිස්සියේ කටුනායකට ගොඩබැස්සවූ යානයේ සිටි මගීන් දෙදෙනෙක් මරුට

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

අල්ලස් ඉල්ලපු වනාතවිල්ලුවේ OIC ට වැඩ වරදී

colombotoday