Covid 19

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක් ඉකුත් 23 වැනි දා නිවසේදී මියගොස් ඇත්තේ ආඝාතය හා කොරෝනා හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකිනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ 9 දෙමටගොඩ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පිළිකා රෝගී තත්ත්වය සමග උත්සන්න වූ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයකි.

මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක් ඉකුත් 25 වැනි දා නිවසේදී මියගොස් තිබේ.

එම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් 19 සමග ඇති වූ හෘදයාබාධයක් ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ සිට අයි.ඩී.එච් රෝහලට මාරු කිරීමෙන් පසුව ඉකුත් 27 වැනි දා මියගොස් ඇති බවයි.

ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් 19 උත්සන්න වීම සමග නිධන්ගත පෙණහළු රෝගයක් ය.

කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද ඉකුත් 26 වැනි දා නිවසේදී මියගොස් ඇත.

එම මරණයට හේතු වී ඇත්තේ, කොවිඩ් 19 ආසාදනය වීම හමුවේ ඇති වූ හෘදයාබාධයකි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් ඉකුත් 26 වැනි දින නිවසේදී මියගොස් ඇති බවයි.

ඒ දියවැඩියාව, නිධන්ගත වකුගඩු රෝගයක් හා කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ද ඉකුත් 25 වැනි දා නිවසේදී මියගොස් ඇත්තේ, නිධන්ගත පෙනහළු රෝගයක් හා ඇදුම සමග උත්සන්න වූ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වය හමුවෙයි.

කොළඹ මැගසින් බන්ධනාගාරගතව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඉකුත් 25 වැනි දා බන්ධනාගාර රෝහලේදී මියගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කොවිඩ් 19 ආසාදනය සමග උත්සන්න වූ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

මේ අතර, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,501 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 472 දෙනෙකු හඳුනා ගත් බවයි.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතයින් ය.

මේ අතර කොරෝනා ආසාදිතයින් 410 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව, සුවය ලබා ඇති මුළු පිරිස 16226 කි.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 6168 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් අයෙක් හදුනාගනී | ජයලියගම පවුල් 50ක සාමාජිකයින් නිරෝධායනයට

colombotoday

ඊයේත් වැඩිම කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීම කොළඹින්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday

කොවිඩ් මරණවලින් සැලකියයුතු සංඛ්‍යාවක් නිවසේදී සිදුවූ මරණ.. රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න – සෞඛ්‍ය අංශ

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday