Colombo Today Sports News

ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයි

වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 03වනදා උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමිවී තිබේ.

යොවුන් ක්‍රීඩකයින්ට මෙම අගනා අත්දැකීම අහිමිවී ඇත්තේ, පාපන්දු සම්මේලනය තුළ වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.

මෙහි ඇති තවත් කරුණක් වන්නේ ක්‍රීඩකයින්ට තරගාවලිය අහිමි වෙද්දී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 70ක දඩයක්ද ගෙවීමට සිදුවීමය.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට හැකි වනපරිදි දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (04)දින අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කළේය.

ඒ එම සම්මේලනයේ නිල කාලය දීර්ඝ කිරීමේ තීරණය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා එම සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ ඊයේ(04) දින කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

Related posts

පළමු T20 තරගයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව තියුණු ජයක් ශ්‍රී ලංකාවට

colombotoday

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

Admin

ශ්‍රී ලංකාව අසීරු අඩියක…

colombotoday

Live : ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ සජීවී විකාශය

colombotoday

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වෙනි ස්ථානයට

colombotoday

සිංහ – කොදෙව් පළමු ගැටුම අද ගාල්ලේ දී

colombotoday