World

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු නෙරපා හරින ලද නායක අවුන් සාන් සූ කීගේ පක්ෂයේ නිලධාරියකු අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි 01 වැනිදා ආරම්භ වූ කුමන්ත්‍රණයෙන් පසු අවුන් සාන් සූ කී සහ ඇගේ පක්ෂයේ නිලධාරීන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගනු ලැබිණි.

යැන්ගොන් හි දී අත්අංගුවට ගෙන ඇති මෙම නිලධාරියා අඟහරුවාදා අලුයම 1.30ට පමණ අත්අඩංගුවේ සිටියදීම මියගොස් තිබේ.

“ඔහු දිගින් දිගටම විරෝධතා වලට සහභාගී වී තිබෙනවා. ඔහුලේ ඥාතීන් දැන් උත්සාහ කරන්නේ කෙසේ හෝ හමුදා රෝහලේ තිබෙන දේහය ලබා ගැනීමටයි.” යැයි විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ක්‍රීවරයෙකු වන බා මායෝ තීන් පැවසීය. කෙසේ වුවද පොලිසිය හෝ යුධ හමුදාව මේ පිළිබඳව කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැත.

පසුගිය දින දෙක තුළ අත්අඩංගුවේ සිටියදී මියගිය දෙවන නිලධාරීයා සැව් මියාට් ලින්න් ය.

2020 දී තේරී පත් වූ එන්එල්ඩී මන්ත්‍රීවරයෙකුගේ ප්‍රචාරක කළමණාකරුවෙකු ලෙස සේවය කළ කිං මාං ලැට් සෙනසුරාදා (06) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මිය ගියේය.

මේ වනවිට විරෝධතාකරුවන් 50කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 1800කට වැඩි පිරිසක් හමුදා පාලකයන් විසින් රඳවාගෙන සිටිති.

Related posts

ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටී

Admin

ලෝක බලවතුන්ගේ විරෝධය මැද ජනප්‍රිය මල්ලව පොර ශුරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි

colombotoday

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්

colombotoday