Colombo Today Local News

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාර දෙයි

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දී තිබේ.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි.

නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසා පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි.

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කළ අතර ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය.

කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දුන් අතර විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණි.

කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බව පැවසූ ජනාධිපතිතුමා මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබේ.

Related posts

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

colombotoday

MMC ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් අරඹයි !

colombotoday

ජනපති ආඥා අදාළ නැහැ.. හයිබ්‍රිඩ් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා.. විදේශ ඇමති ජිනීවාහී දී සහතික වෙයි

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

මැතිවරණයේ ජනමතය ගැන ඇහුවාම “අප්පච්චි මලෝ“ ඇමතිට යකා නගී.. මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවෙයි

colombotoday

තහනම නොතකා නිකාබය ඇදන් ආ ගුරුවරියන් 10ක් විදුහල්පති ආපසු හරවා යවයි…

colombotoday