තම ඉල්ලීම් සදහා විසදුම් ලැබීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩල සේවකයන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අවසන් කළ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය පවසයි.
2015 ප්රසාද දීමනා කප්පාදු කළ බවට විරෝධය පළ කරමිජල සම්පාදන සේවකයින් පසුගිය සෙනසුරාදා සිට සති අන්ත අතිකාල සේවාවලින් ඉවත් වීමට තීරණය කර තිබුණු අතර එසේ කප්පාදු කළ ප්රසාද දීමනාව සම්පූර්ණයෙන් යළි ලබා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද තීරණය කළේ ය.
එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා සඳහන් කළේ, සේවකයින් ඉල්ලා සිටි 37,500ක ප්රසාද දීමනාවෙන් 25,000ක් දැනට ලබා දී ඇති බව ත් ඉතිරි රුපියල් 12,500ක දීමනාව අද දිනයේ ලබාදීමට පියවර ගන්නා බව ත් ය.