Colombo Today Local News

දරුවන්ගේ දෙවෙනි මවට අපි දුන්න 2500න් බින්දුවක් යහපාලකයන් ගිලලා…” – හිටපු ජනපති

M_Id_369201_Mahinda_Rajapaksaපෙර පාසල් ගුරුවරිය නිහඬ මහඟු සමාජ මෙහෙවරක්‌ අද ඉටු කරන්නෙ. පුංචි මල් කැකුළු වගේ පුංචි දරුවන්ගෙ අනාගත ලෝකය සරසන දෙවැනි මව ඇයයි. මේ සද්කාර්යය නිසා අපි ඇයට රු. 2500 ක මාසික දීමනාවක්‌ ගෙවන්න තීරණය කළා. අද යහපාලනය රජය එය 250 ක්‌ කරලා. බිංඳුවක්‌ හැලිලා. දරුවන්ගෙ පූර්ව ළමා විය ගොඩ නගන පෙර පාසලට අද නිසි තැන ලැබිල නෑ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස්‌ දැක්‌වූයේ මාතර දිස්‌ත්‍රික්‌ පෙර පාසල් ගුරුවරියන්ගේ ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේ උත්සව සභාව අමතමිනි.

ඌරුබොක්‌ක මහජන ක්‍රීඩාංගණයේ පැවැති මෙම ක්‍රීඩා උළෙල සඳහා දිස්‌ත්‍රික්‌කයේ ප්‍රා. ලේ. කොට්‌ඨාස 16 ක පෙර පාසල් ගුරුවරියන් සහභාගි වූහ.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා – ක්‍රීඩාව තුළින් නිරෝගී පරපුරක්‌ බිහි වෙනවා. දකුණු පළාත් සභා මන්ත්‍රී සරත්ද අල්විස්‌ මහතාගේ මේ සංකල්පය අගය කළ යුත්තක්‌. ජාතියේ දරුවන් යහමගට යොමු කරන පෙර පාසල් ගුරු මාතාවගේ අභිමානයයි අද දිස්‌වෙන්නේ.

මාධ්‍යය අය වැය පිළිබඳ මගෙන් අහනවා. ඒක අහන්න ජනතාවගෙන් ජනතාව නියම උත්තරේ දේවි. මේ වගේ සංශෝධනය කළ අය වැයක්‌ ඉතිහාසයේ කවරදාකවත් සිදුවෙලා නෑ. සංශෝධනය කර ගෙන ගිහින් අද වැය ලේඛනයේ ඉතිරි වෙලා තිබෙන්නෙ ගරු කථානායකතුමනි යන්න පමණයි.

අද මිනිස්‌සුන්ට ජීවත්වෙන්න බැරි තරමට බඩු මිල වැඩිවෙලා. බදු බර වැඩිවෙලා. අමු මිරිස්‌ ග්‍රෑම් 100 රුපියල් 120 යි. අද ජීවත් වීමත් බරක්‌ වෙලා.

අද මුළු මහත් සමාජයම කඩා වැටිලා. සංවර්ධනය ඇනහිටලා. ගොවියා කම්කරුවා රාජ්‍ය සේවකයා අද ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්.

අපි හදපු මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක්‌ කරලා. සතියකට ගුවන් යානා 24 ක්‌ පියාසර කරපු ගුවන් තොටුපලක්‌. අද සිදු වෙලා තියෙන වෙනස මේකයි. වෙන රටේ වෙච්ච වෙනසක්‌ නෑ.

අද තෙල් මිල අඩුවෙලා. අවුරුදු 40 කට පස්‌සෙ මේ අඩුවීම. මෙහි වාසිය ජනතාවට ලැබිල නෑ. රටේ දේපළ විකුණා ගෙන කන රජයක්‌. මේවාට ජනතාව ඉඩ නොතැබිය යුතුයි.

ද. පළාත් සභා මන්ත්‍රී සරත්ද අල්විස්‌ මහතා විසින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස්‌ අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන නිරෝෂන් පේමරත්න, කාංචන විඡේසේකර යන මහත්වරුන්ද, ද. ප. සභා මන්ත්‍රීන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ විය.

Related posts

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

ඇවන්ඩ්ගාඩ් ලොක්කා ඩුබායි යයි. රටින් යද්දී පරිගණක දත්ත පද්ධතිය,කැමරා පද්ධතිය අවුල් සහගත වෙලා

colombotoday

අගාධයට වැටුණු රට විශ්වාසභංගයෙන් පසු ගොඩ ගන්න පුලුවන් කාටද? – හිටපු ඇමති විජේදාස කියයි

colombotoday

නැගෙනහිර උසාවි 7න් 6කම මුස්ලිම් ජාතික විනිසුරුවන්… නඩු තීන්දු ජාතිවාදීයි, පක්ෂග්‍රාහීයි !

colombotoday

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

colombotoday

කදවුරු අතර සංචරණ තත්ත්වයන් සම්පුර්ණයෙන් තහනම්-සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා

colombotoday