Colombo Today Local News

සුඛෝපභෝගී බස්රථයක් කුඹුරකට කරනම් ගහයි

මැදවච්චිය පොලිස් වසමේ යාපනය – මහනුවර මාර්ගයේ දී සුඛෝපභෝගී පුද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් තිබේ.

ඉකිරිගොල්ලෑව රණවිරු ගම්මානය හන්දියේ දී වැල්ලවත්ත සිට යාපනය දක්වා ධාවනය වු එම බස්රථය රියදුරුට පාලනය ගත නොහැකිව එලෙස පෙරළී ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස්රථය තුළ මගීන් 46දෙනෙක් සිට ඇති අතර ඉන් මගීන් 8දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නීති විරෝධී පිස්තෝලයක් සමග වෙඩි නොවදින පපු ආවරණයක් සොයා ගනී

colombotoday

මීගමුව මාරිස්ටෙලා ආදි සිසු හමුවේ දේශපාලනය කතා කරන්න ගිය රන්ජන් අල්ලා දොට්ට දමයි

colombotoday

තිස් දෙවන වරටත් ගෙයක් බින්ද හොරා මාට්ටු

Admin

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

colombotoday

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

colombotoday

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin