Colombo Today Local News

කපුවෙකුට මිලියන 70ක් දුන් ප්‍රියමාලි ලොක්කන්ගේ කෝටි 250කට විදලා… – පොල්ල ඉතිරි වුණු පෙම්වතා පැටිකිරිය වමාරයි

කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා සැකකාර කාන්තාව ලබාගත මුදල රුපියල් 2,510,500,500 (රුපියල් කෝටි 251) බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් නවතම වාර්තාවල සඳහන් වේ.

මෙලෙස කෝටි 251ක මුදලක් විවිධ පුද්ගලයන් හරහා ලබාගෙන ඇති ඇය එම මුදල්වලට කළ කී දේ සෙවීම සඳහා වසර ගණනාවක් ඇය සමඟ සමීපව ඇසුරු කළ ඇගේ තරුණ පෙම්වතෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

මෙම තරුණ පෙම්වතා 2019 වසරේ සිට ඇය සමග සමීපව කටයුතු කර ඇති අතර මොහු ඇගේ සැමියා ලෙස පෙනී සිටිමින් ඇය සමග උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට නළු නිළියන් දේශපාලනඥයන් හමුවට ගොස් ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේ ය.

එමෙන් ම මොහු හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගේ ද සමීපතමයෙකු වන අතර ප්‍රශ්න කිරීමේදී ඔහු රහස් පොලිසියට පවසා ඇත්තේ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර ඇය තමාම හඳුන්වාදුන් වෙනත් ආරක්ෂයෙකු සමග විවාහ වී ඇති බව ය. එම විවාහයේදී ලබාගත් පින්තූරයක් ද ඔහු රහස් පොලිස් නිලධාරීන්ට පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් රහස් පොලිසියේ විමර්ශන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සැකකාරිය විසින් ලබාගෙන ඇති රුපියල් කෝටි 251ක මුදලට සිදු වූ දේ මෙම පෙම්වතාගෙන් විමසා ඇතත් ඔහු නිලධාරියාට පවසා ඇත්තේ තමා ඒ ගැන නොදන්නා බවකි. එහිදී නිලධාරියා ඔහුට තරයේ අවවාද කර ඇති බව ද කියයි.

එමෙන් ම ඔහු ප්‍රශ්න කිරීමේදී නිලධාරීන්ට පවසා ඇත්තේ, ඇය දැන හඳුනාගත් මුල් කාලයේ තමා ද ඇයට ලක්ෂ ගණනක් දුන් බවත් පසුව ඇය තමාට ඒ මුදල වැඩියෙන් පියවා නැවතත් එම සියලු මුදල ඇය ලබාගත් බවත් ය.

පසුව තමා එම මුදල් ගැන විමසීමේදී තමාට රත්රන් යැයි පවසමින් පොලු දහයක් ලබාදුන් බව ත්, එම රත්රන් පොලු නිවසේ සඟවා තිබූ බවත් ඔහු පොලිසිය හමුවේ පවසා ඇත.

හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා ඉන් එක් රත්රන් පොල්ලක් විකිණීමට තැත් කිරීමේදී එම පොලු පිත්තල බවට අනාවරණය වූ බවත් ඔහු නිලධාරීන් හමුවේ පවසා තිබිණි.

කෙසේ වෙතත්, සැකකාරිය ගුරුකම් අතේ වැඩවලට ලක්ෂ ගණනකින් වියදම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය කියයි.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය කපුවෙකුට ඒ සඳහා රුපියල් මිලියන 70ක් වියදම් කර ඇති බව ත් ඇය පදිංචි වත්තල නිවසේ ස්ථාපනය කර ඇති බුදු පිළිමයකට සතියට සැරයක් රුපියල් ලක්ෂ 3ක පමණ නෙළුම් මල් පූජාවක් පවත්වන බවට තොරතුරු රහස් පොලිසියට ලැබී තිබේ.

මේ අතර, ඇය මේ වන විට ගිණුම් හරහා ලබාගෙන ඇති රුපියල් කෝටි 251ට අමතරව තවත් සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගෙන් ද ලක්ෂ 7,500ක් ලබාගෙන ඇති අතර ඔහු ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිතව තිබිණි.

දැනගන්නට ඇති ආකාරයට ඔහුට ද රත්රන් යැයි කියමින් පොලු විස්සකට වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇතැයි වාර්තා වේ.

-මව්බිම-

Related posts

2018 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය අහලකටවත් එන්න බැරිවුණා… විදේශ සංචිත ඉතිරිව ඇත්තේ තව මාස 4කට පමණයි…

colombotoday

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

Admin

රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයි

colombotoday

“එකම යුධ විරුවා රනිල් වික්‍රමසිංහයි.. ඔහුගේ නම මහාවංශයෙත් ලිවිය යුතුයි“ – වික්‍රමබාහු

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

“තිතට මත.. මතට කත” මංගලගේ තැබෑරුම් චක්‍රලේඛය ජනපති අහෝසි කරයි

colombotoday