Colombo Today Local News

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සළකා බැලුනි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ආර්.ආර් රාසමානික්කම් මහතා අදාළ පෙත්සම ගොනුකර තිබුණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව, එහි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එම කොමිසමේ සාමාජික දයා චන්ද්‍රසිරි ජයතිලක, එහි සාමාජික හා හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු , බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු 14 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු පවසන්නේ වංචා සහගත චෝදනාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වරදකරු කොට සේවයෙන් ඉවත්කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකරුවෙකු දේශපාලන පළිගැනීමට ලක් වී ඇතැයි සඳහන් කරමින් ඔහුව යළි සේවයේ පිහිටුවන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බවය.

කොමිසම විසින් සිදුකළ එම නිර්දේශය මුළුමනින්ම නීතියට පටහැනි බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

එම නිසා මෙම නිර්දේශය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව පෙත්සම ලබන 22 වෙනිදා සලකා බැලීමට නියමිතය.

Related posts

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

Admin

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

colombotoday

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

colombotoday

රොෂාන් රණසිංහව අමාත්‍යධුර වලින් ඉවත් ක‍රයි

Admin

මේ ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව ඉන්නේ බියෙන් කොටි කාලේ අපි ආරක්ෂිතව ජීවත් වුණා.. නැවත LTTE පාලන ක‍්‍රමයක් ඕනේ- විජයකලා

colombotoday

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

colombotoday