Colombo Today Local News

“බන්ධනාගාර නිලධාරීන් පමණයි වෙඩි තැබීම් සිදුකර තිබෙන්නේ” | මහර ගැටුමට හේතු වු තවත් කරුණු හෙළිවෙයි.

දැඩි කතා බහට ලක්වූ මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇතිවු ගැටුමේ දී වෙඩි වැදීමෙන් මියගිය රැඳවූවන්ට වෙඩි තැබීම කර ඇත්තේ බන්ධනාගාර නිලධාරින් පමණක් බව මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විද්වත් කමිටුවේ සාමාජික ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා මහතා සඳහන් කරනවා.

එසේම බන්ධනාගාරය තුළ පැවති අධික තදබදය,කොරෝනා බිය,බාල වර්ගයේ ආහාර දීම වැනි කරුණුද මේ සඳහා බලපා ඇති බව සඳහන් කර තිබේ.

විද්වත් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩිදුර අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා මහතා,

“බන්ධනාගාර තදබදය ඉතාම දරුණු ලෙස මෙයට බලපා තිබුණා. කොරෝනා බිය කියන එක ඇතිවෙලා තිබුණා. බාල වර්ගයේ ආහාර දීමක් තමයි සිදුවෙලා තිබුණේ. සමහර වෙලාවට හොදිවලට වතුර කලවම් කර දෙන්න සිදුවුණා කියන එක හෙළිදරව් වුණා. ඒ තත්ත්වය පැහැදිලි කර දීමටත් ඔවුන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ආපු අවස්ථාවේ දී මේ ප්‍රශ්නය දුරදිග ගියේ. ඒ අතරතුර රැඳවියන් අතරත් තමන්ට විරසක තියෙන පුද්ගලයින් හමුවීම නිසා ගහ ගැනීම් සිදුවෙලා තිබුණා. බන්ධනාගාරය තුළ තිබුණ රෝහලට සමහර රැඳවියන් ගිහින් ඒ රෝහල කඩලා බිඳලා දාලා ඒවායේ තිබුණ පෙති අහුරු පිටින් අරගෙන තමන් බොන ගමන්ම අනිත් අයටත් බොන්න ලබා දීලා තිබුණා කියන එක සාක්ෂිවලින් හෙළිදරව් වුණා. ඒ තත්ත්වය උඩ ඔවුන් විකෘති තත්ත්වකට පත්වුණා ද කියන ප්‍රශ්නය මතුවෙනවා. රැඳවියන් 11 දෙනාම වෙඩි වැදී මියගොස් තිබෙන බවටත් බන්ධනාගාර නිලධාරීන් පමණයි වෙඩි තැබීම් සිදුකර තිබෙන්නේ. ඒ අය නීතියේ රාමුව තුළ වෙඩි තැබීම සිදුකළේ ද යන්න සෙවිය හැක්කේ, අධිකරණ වෛද්‍ය වාර්තා හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් සහ රැඳවූවන්ගේ සාක්ෂිවලින් පමණයි.”

Related posts

76 වසරට වැඩියෙන්ම රැවටුනේ මාලිමාණ්ඩුවට

Admin

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවෙලා- නීතිපති

colombotoday

“කොටි සටනින් ඔබ්බට” දොරට වැඩුම මාර්තු 08

colombotoday

මුහුණු පොතට ඩොලර් බිලියන 5 ක දඩයක්

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin