Colombo Today Local News

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

ඉදිරි මාස 06කට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් ලබාදිය හැකි බව රෝහල්වලට ඔක්සිජන් සපයන සමාගම් දෙක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.

අදාළ සමාගම් දෙක සතු ඔක්සිජන් ප්‍රමාණය කොපමණද? යන්න පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කළ විමසීමකට අනුව ඒ බව දැනුම් දී තිබේ.

මේ වන විට රෝහල්වල තිබෙන ඔක්සිජන් ධාරිතාව කොපමණද යන්න කඩිනමින් දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම රෝහල්වල අධ්‍යක්ෂවරුන්ගෙන්ද විමසීමක් කර තිබේ.

රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් මතුවුවහොත් ඔක්සිජන් අවශ්‍ය වන හෙයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ පියවර ගෙන තිබේ.

Related posts

ඩොලර් සංචිත පහළට

Admin

“ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ” – ආරක්ෂක රාජ්‍ය ඇමති තුර්කියේදී කියයි

Admin

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

colombotoday

පාසල්වල වැඩ කාර්යක්ෂම කරන්න අලුත් තනතුරක්

colombotoday

කොටි නිළ ඇඳුමට සමාන ඇඳුම් අන්දවා රථවාහන රාජකාරිවල පුද්ගලයන් යෙදවූ යාපනය නගරාධිපති අත්අඩංගුවට

colombotoday

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday