Colombo Today Local News

හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයෙක් පැහැරගෙන.. ‘පැහැර ගත්තාට ගැහුවේ නෑ’ හිරුණිකා කියයි

ඊයේ 21 පස්වරුවේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගැනීමට ලක්වී ඇති අතර එම පැහැරගැනීම සිදුවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

සැකකරුවන් මේ වන විටත් හදුනාගෙන ඇති බවත්, ඔවුන් පොලීසියට භාර දෙන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇතත් මේ වන තෙක් කිසිවෙකු ‍පොලීසියට පැමිණ නැති බවත් පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක සේවය කළ 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇති අතර ඊයේ රාත්‍රියේ ඔහු මුදා හැර තිබේ. එම තරුණයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ප‍්‍රකාශ කරන්නේ පැහැර ගැනුණු තරුණයාට පහරදීමක් සිදුව නොමැති බවයි. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පවුල් දෙකක් අතර ආරවුලක් නිසා බවද තමන් මැදිහත් වී එය සමථ කර පැහැර ගැනුණු තරුණයා මුදාහැරීමට කි‍්‍රයාකළ බවද ඇය ප‍්‍රකාශ කරනවා.

Related posts

හොර රහසින් ටියුෂන් පන්තියක් පවත්වලා. | සිසුවියෝ දෙකකට කොරෝනා. | ගුරුවරයාට නීතිමය පියවර

colombotoday

සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක

colombotoday

මවගේ අවමඟුල සඳහා ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව ලාල් කාන්ත කතාකරයි

colombotoday

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය තීන්දු කරයි !

colombotoday

පොහොර තහනම බැසිල් ලිහිල් කරයි. – රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට අවසර

colombotoday