Colombo Today Local News

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

මේ වන විට දැඩි කථාබහට ලක් වී ඇති “හතේ අපේ පොත” ග්‍රන්තය පිළිබඳව අද(21) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම ඒකාබද්ධ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

හතේ අපේ පොත ග්‍රන්ථය පාසල් ළමුන්ට ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගනු ලැබුවේය.

Related posts

ජේෂ්ඨයන් කපා දමා සිය බිරිඳව වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කරන්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දැඩි උත්සාහයක

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

ජල ගාස්තු ඉහළට

colombotoday

ගාමිණි ලොකුගේ බලශක්ති අමාත්‍ය ලෙස සහ විදුලිබල අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දෙයි.

colombotoday

පාකිස්ථානයෙන් ප්‍රහාරක ජෙට් යානා 8ක් ගන්න රජය එකඟ වෙයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday