පියාණන් සිංහලයන් මරා දැමීම සදහා කොටි ත්රස්තවාදීන්ට ආයුධ ලබා දුන්නා සේ සජිත් ප්‍රේමදාස ද දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකග වී රට බේදීමට සූදානම් වන බව ජනසෙත පෙරමුනේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි.
ආණ්ඩුව විසින් සිදුකළ සියළුම ජනතා විරෝධී කටයතුවලට අත ඉස්සූ සජිත් ප්‍රේමදාස මහතා දැන් කතා කරන්නේ ආණ්ඩුවේ නොසිටි පුද්ගලයෙකු ලෙස යැයිද පවසන එම හිමියන්, ජනාතාව රැවැට්ටීමට ඔවුන්ට ඉඩ ලබා නොදිය යුතු බවද කියා සිටියේ ය.
සජිත් ප්‍රෙම්දාස මහතාව දැඩි ලෙස විවේචනය කරමින් එම හිමියන් මේම අදහස් පලකලේ ජනාධිපතිවරණ ජන හමුවක් අමතමිනි.