අම්පාර කොන්ඩුකට්ටුවාන් යුධ හමුදා පුහුණු පාසලට අනුයුක්තව උපදේශකවරයෙකු ලෙස සේවය කළ ලුතිනන්වරයෙකු ටී 56 ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත. මාවතගම පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි අදාල ලුතිනන්වරයා ඊයේ (8) පෙරවරුවේ වෙඩි තබාගෙන ඇති අතර ඔහු දෙහිඅත්තකණ්ඩිය සදුන්පුර පුහුණු පාසලේ සිට ආධුනික සෙබලුන් පිරිසක් රැගෙන කොන්ඩුකට්ටුවාන් කදවුරට පැමිණ ඇති බව තිබේ.
සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, යුද හමුදාව මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව බි්රගේඩියර් ජයනාත් ජයවිර මහතා සඳහන් කළේය