Colombo Today Local News

සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කර තිබේ.

අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝග කාරකයක් අප මාතෘ භුමියට ද පිවිසීම නිසා මුතුන්මිත්තන්ගේ සමයේ පවා නොඇසු තරමේ ආපදාවකට අප දැන් මුහුණ දී සිටින බවයි.

සාමුහික උත්සව මෙවර පැවැත්විය නොහැකි වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය විශේෂඥයින් විසින් දැඩිව අවධාරණය කර ඇති බැවින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රටට සහ ජාතියට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ස්වෙච්ඡාවෙන් ඒකරාශී වන ජනතාවක් ලෙස මේ උත්සව සමයේදී ද සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් රෝග කාරකය පැතිර යාම වැළැක්වීමට කැපවන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අලුත් අවුරුදු සතුටේ සැබෑ හිමිකරුවන් කුඩා දූ පුතුන් වන අතර මෙවර අලුත් අවුරුදු සැණකෙළිවලට සීමා පැනවී ඇති නමුත් දරුවන්ට අවුරුදු සතුට භුක්ති විදිමට අප අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම නිසා නිවසේ රැදී සිටිමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට දරුවන්ට අවුරුදු අසිරිය විඳගැනීමට ඉඩදෙන මෙන් ඉල්ලීමක් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ අලුත් අවුරුදු පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලෙයි – එක් සිසුවෙක් මිය යයි

Admin

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

colombotoday

ඕෂධීට නාමයෝජනා දී ඇත්තේ නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක්..- බැසිල්

colombotoday

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිපලය විශ්වාස නැහැ අපි අධිකරණයේ පිහිට පතනවා..- අමිත් වීරසිංහ කියයි

colombotoday

තරඟ කිරීමේ කොන්දේසි සපුරා නැති ගෝඨාභය ගැන කතා කරලා වැඩක් නෑ – කුමාර වෙල්ගම

colombotoday

ඉල්ලපු දේ දෙන්න ආණ්ඩුව එකග වෙලා.. රන්නප්‍රියගේ තවත් වැඩ වර්ජනයක් අතරමග නවතී

colombotoday