Uncategorized

සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න – TNA සුමන්තිරන් උතුරේදී කියයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව සියලු දෙනා එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම පිණිස මුලතිව්, මාන්කුලම ප්‍රාදේශයේ පැවැති රැස්වීමකදී සුමන්තිරන් එලෙස පැවසුවේය.

එහි දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනය නමැති ව්‍යසනය නැවත වතාවක් පැමිණීමට නොදී අදාළ ව්‍යසනය නවතා දැමීමට දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ දකුණේ සිංහල ජනතාවගේ හා සිංහල නායකයන්ගේ ජයග්‍රහණය නැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එක්විය යුතුව තිබෙනවා.

2005 වසරේ සිට පැවැති රාජපක්ෂ පාලනය යටතේ දෙමළ ජනතාව වෙනුවෙන් සිදු වූ කිසිදු යහපතක් නැහැ. දෙමළ ජනතාව ගැටලු රැසක පැටලවීමට රාජපක්ෂ පාලනය කටයුතු කළා.

දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාගත හැකි එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාසයි. එහෙයින් සජිත් ප්‍රේමදාස ජනාධිපති ලෙසට පත් කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කළ දෙමළ ජනතාව මෙවර ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමට කටයුතු කළ යුතුයි.

– aruna.lk

Related posts

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සම්බන්ධන්ගෙන් ‌‌යෝජනාවක්

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

අසාද් සාලිගේ පෙත්සම සලකා බැලෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් ඉවත්වෙයි

colombotoday

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday