Colombo Today Local News

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන මාස 5 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දීය ජාතික මර්සලිස් තොමස් නැමැත්තා සම්බන්ධ මූලික විමර්ශන අවසන් බැවින්   ඔහු මුදා හැරිමට කොළඹ කොටුව වැඩබලන  මහෙස්ත්‍රාත්  ජයන්ත ඩයස් නානයක්කාර මහතා අද නියෝග කළේය.
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කරමින් සිටියේ මෙම සිද්ධියට අදාලව පළමු සැකකරු වන ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් දැනට සාක්කි ප්‍රමාණවත්ව නොමැති බැවින් අද මුදා හැරීමට හැකි  බවයි.

එසේම ඔහු වීසා නොමැතිව මෙරට රැදී සිටීම සම්බන්ධයෙන් වෙනම  චෝදනා පත්‍රයක් මගින් කරුණු ඉදිරිපත් කරන බව  සඳහන් කළේය.
 
ඒ අනුව සැකකරු  අදාළ සිද්ධියෙන් මුදා හැරිමට අධිකරණය නියෝග කළේය.

එමෙන්ම වලංගු වීසා බලපතක් නොමැතිව මෙරට රැදී සිටීම සම්බන්ධයෙන්  ඉදිරිපත් කළ නව පැමිණිල්ලට අනුව ඔහු ලබන මස 13 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ  කළේය.

Related posts

Video – අනාතවූ බෝගස්වැව අහිංසකයන්ට දැම්ම පොලිස් පාට්

colombotoday

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා CID අත්අඩංගුවට

Admin

“සුද්දෙක් එළිපිට බොනව දැක්කොත් අහක බලා ගන්නවා අයිසේ” ඇමති ජෝන්ගෙන් පොලීසියට උපදෙස්

colombotoday

ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලයි.. සියලු ආර්ථිකයන් කඩා වැටෙද්දී අපි කෙලින්…

colombotoday

විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩි වෙයි

colombotoday

පොලිස් ලොක්කෙක්ගේ VPN ජාවාරමක් ගැන දේශබන්ධුගේ උපදෙස් මත විමර්ශන අරඹයි

colombotoday