ලබන සති අන්තයේ සමස්ථ දිවයිනම ආවරණය වන අයුරින් ඇඳිරිනීතිය දැමීම පිළිබඳව තවමත් තීරණය කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
අද උදෑසන රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙම සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක වන බවට තොරතුරු පැතිර යන අතර එවැනි තීරණයක් සත්‍ය වශයෙන්ම ගෙන තිබෙනවාද යන්න මාධ්‍යවේදියා විසින් විමසුවා.
එම අවස්තාවේදී ඊට පිළිතුරු දෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ එම කටකතා සියල්ල අසත්‍ය බවත්,තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.