Colombo Today Sports News

ශී‍්‍ර ලංකාවට එන්න සිටි බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සායිෆ් හසන්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එළැඹෙන ශ‍්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් සූදානම් වන ක‍්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

එමෙන්ම බංග්ලාදේශ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වන නික් ලී හටද නව්‍ය කොරෝනා වෛසරය ආසාදනය වී තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතයි. ඊට සහභාගිවීම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටිනවා.

Related posts

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

colombotoday

අනූෂ සමරනායකටත් ඔස්ට්‍රේලියා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක්

colombotoday

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දෙයි

Admin

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

ශ්‍රී ලංකාව, විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 12 ට

colombotoday