Colombo Today Local News

විභාග මධ්‍යස්ථාන තුල සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ ගැටළු 1988 ට කියන්න – අධ්‍යාපන අමාත්‍යාංශය

කවර හෝ හේතුවක් මත කිසියම් විභාග මධ්‍යස්ථානයක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින් වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් හෝ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලැබී නැත්නම් වහාම අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1988 ට ඒ බව දන්වන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හේතුවෙන් රට තුළ මතුව ඇති අවදානම උපරිමයෙන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන අංශයන්හි පූර්ණ සහයෝගය ද ලබාගනිමින් දරුවන් සුරක්ෂිතව විභාගයට යොමුකිරීමට සුදුසු පසුබිමක් මේ වනවිට සකස්කර තිබේ.

එමෙන් ම විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයන්හි විශබීජහරණ කටයුතු සහ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට අදාළ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යේෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස ද පත්කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඔක්තෝබර් මස 12 වැනි දින සිට ආරම්භ කෙරුණු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 06 වැනි දින තෙක් විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වෙන අතර අයදුම්කරුවන් 362,824ක් මෙවර විභාගය සඳහා අයදුම් කර ඇත.

Related posts

ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

colombotoday

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

Admin

පාච රණවක පොලිස් විමර්ශන ගැන කියන පච 5ක් මෙන්න – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

ජනපතිගෙ කඩුවෙ එක පැත්තක් මොට්ටයි.. උදේට එකක් කියනව, හවසට තව එකක් කියනවා – එජාපයෙන් ජනපතිට නැවතත් ප්‍රහාර

colombotoday