Colombo Today Local News

“විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම ගැන සලකා බලන්න සිදුවෙනවා” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක‍්‍රියාවලිය ගැන යළි සලකා බලන්නට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඊයේ (25) දිනයේදී කොරෝනා රෝගීන් 41 දෙනෙක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් බහුතරය කුවේට් සිට පැමිණි පිරිස අතරේ සිටි අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

ඒ අනුව කුවේට් සිට පැමිණි පිරිසෙන් 80 කට ආසන්න පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් ගුවන් යානා මෙරටට පැමිණෙන කාල පරතරය අනුව පැමිනෙන පිරිස් කළමනාකරණය කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද ජාසිංහ මහතා පැවැසීය.

ඊයේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඞ් 19 රෝගීන් ගණන 1182 ක් වන අතර එයින් 477 ක් තවමත් රෝහල්වල ප‍්‍රතිකාර ලබති. සුවවී රෝහල්වලින් පිටව ගිය පිරිස 695 කි. මියගිය සංඛ්‍යාව 10 කි.

ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉකුත් 20 වැනිදා සිට මේ දක්වා හමුවූ රෝගීන් පිරිස 134 ක් වන අතර එම කාලය තුළ සුවවී ගිය පිරිස 111 කි. මෙයින් 80 කට ආසන්න පිරිසක් විදේශ රටවල සිට මෙරටට පැමිණි අය වෙති.

පවතින තත්ත්වය යටතේ කොවිඞ් 19 මර්දන වැඩ පිළිවෙලේ තීරණාත්මක සාධකය වන්නේ රෝහල් වල ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. නමුත් දිගින් දිගටම රෝහල් ගත වන පිරිස අතරින් වැඩි පිරිසක් විදේශවලින් පැමිණෙන පිරිස වීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 400 ට වඩා අඩුවෙන් තබාගැනීම අභියෝගයක් වී තිබේ.

පසුගිය දින 5 ක කාලය තුළදී කොරෝනා රෝගීන් 154 දෙනා හමුනොවුනා නම් මේ වනවිට රෝහල් වල ප‍්‍රතිකාර ලබන පිරිස 400 ට වඩා අඩු වනු ඇත.

ඊයේ දිනයේත් රුසියාවේ සිට මෙරටට පැමිණි පිරිස 181 දෙනෙකි. මේ වනවිටත් රුසියාවෙන් හමුවී ඇති කොරෝනා රෝගීන් ගණන 350,000 ඉක්මවයි.

එක් අයෙක් ඊයේ මිය ගිය අතර ඇය කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 52 හැවිරිදි කාන්තාවකි. ඇය හෘද රෝගියෙකු බවත් නිරෝධායන මධ්‍යස්ථානයේ දී මිය ගිය බවත් සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මිය ගිය අනෙක් 9 දෙනා අතරින් තිදෙනෙක් වෙනත් ආබාධ තිබු අය වන බවත් තවත් තිදෙනෙක් රෝගය සඟවා ගෙන අවසන් මොහොත දක්වා සිටි බවත් සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ

Related posts

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

එක්ස්ප්‍රස් පර්ල් නැව ඇදගෙන යාම නවතා දමයි.

colombotoday

Video: අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගේන්න බෑ… බෑ… බෑමයි… – ආචාර්ය ප්‍රතිභා මහනාම

colombotoday

ප්‍රභාකරන් මැරුවේ මගේ බළකායෙනුයි.. එදා මේව කීවනම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන තුරු භික්ෂූන්වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති…

colombotoday

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

colombotoday