Colombo Today Local News

වැල්ලවාය අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

වැල්ලවාය දිසා හා මහේස්ත්‍රාත් උසාවියට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණය වීමෙන් පසු අද (04)දින සිට අධිකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මෙම අධිකරණයේ ඉකුත් 27 වෙනිදා පැවති නඩු කටයුත්තකට සාක්ෂිදීම සඳහා පැමිණ ඇති මෙම පොලිස් සැරයන්වරයා රෝගාතුරවී කුණ්ඩසාලේ පොලිස් රෝහලට ඇතුලත් වීමෙන් අනතුරුව පෙරේදා සවස (03)දින සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට අනාවරණයවී ඇත.

වැල්ලවාය දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය විෂබීජහරණය සඳහා මෙසේ තාවකාලිකව වසා තිබෙන අතර දින කිහිපයකින් උසාවියේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Related posts

පාතාලයට ගිඅවී සැපයු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයෙක් කොටු

colombotoday

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

colombotoday

කැන්ටිමේ දී කංසා හොඳයි සභාවෙදි නරකයි – විපක්ෂයේ දෙබිඩි පිළිවෙත් ගැන අජිත් රාජපක්ෂ කියයි

Admin